විශ්ව ශාන්ති සූත්‍ර අභිමංගල්‍යය

News

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සහ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සුත්ත සෙන්ට්‍රල් සංවිධානය ඒකාබද්ධව සංවිධානය කරන ලද "විශ්ව ශාන්ති සූත්‍ර අභිමංගල්‍යය" වැඩසටහන පසුගිය මැයි මස 31 වන දින අතිඋත්කර්ශවත් ලෙස නෙළුම් පොකුණ රංග ශාලාවේදි පැවැත්විය.

මෙහිදී ත්‍රිපිටක ග්‍රන්ථ රත්නයේ සූත්‍ර පිටකය සිංහල භාෂාව ඇතුළුව භාෂා 40 කට පරිවර්තනය කර නිර්මාණය කරන ලද වෙබ් අඩවිය පරිශීලනය කිරිම පිළිබදව ඕස්ට්‍රේලියාවේ සිට වැඩම කරන ලද පූජ්‍ය අජාන් සුජාතෝ ස්වාමීන් වහන්සේ විසින් සැදැහැවතුන් වෙත දැනුවත් කරන ලද අතර, වැඩමකරන ලද මහාසංඝරත්නය විසින් මෙහිදී ධම්මචක්ක පවත්තන සූත්‍රය සජ්ඣායනය කරන ලදී.

මෙම අවස්ථාවට සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ගරු සභාපති ජගත් සුමතිපාල මැතිතුමාගේ ආරාධනයෙන් ශ්‍රි ලංකා අමරපුර මහානිකායේ අමරපුර පාර්ශ්වයේ මහානායක ධර්මපාල වංශාලංකාර සද්ධර්මකිර්ති ශ්‍රි ත්‍රිපිටක විශාරද අග්ගමහා පණ්ඩිත අතිපුජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ, කොළඹ නවකෝරලයේ ප්‍රධාන අධිකරණ සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රීපිටකාචාර්ය පූජ්‍ය දිවියාගහ යසස්සි නායක ස්වාමින්වහන්සේ, ගාල්ල සහ බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක කොළඹ විද්‍යෝදය පරිවෙණාධිපති රාජකීය පණ්ඩිත දර්ශනපති පූජ්‍ය බලංගොඩ සෝභිත නායක ස්වාමින්වහන්සේ, ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නය සහ මෙහෙණින් වහන්සේලාද දෙස් විදෙස් විශාල සම්භාවනීය පිරිසක්ද සහභාගි විය.

Comments are closed.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ©2018. සියළුම හිමිකම් ඇවිරිණි

සුමති ග්ලෝබල් කොන්සොලිඩේටඩ් (පුද්) සමාගම මගින් නිර්මාණය කරන ලදි