ලෝක ප්‍රකට කැලණි විහාරයේ චිත්‍ර ශිල්පී වලිමුණි සොයිලියස් මැන්දිස් ශ්‍රීමතාණන් විසින් ඔහු සතු සියළු දේපල සහ ධන පරිත්‍යාගයෙන් ඌනතා ඇති දරු දැරියන් සඳහා 1957 ජුනි 10 වැනි දින ආරම්භ කරන ලද මහවැව සොයිලියස් මැන්දිස් සිවිරාජ අඳ බිහිරි ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ දැනට නේවාසික දරුවන් 60 පමණ නේවාසිකව සිටී. මෙම මධ්‍යස්ථානයේ 2018 ජූලි මස 29 වන දින 61 වන සංවත්සර මහා සභා රැස්වීම පැවැත්විය.