ශාසන වීර දින පිරිත් සජ්ඣායනාව 2016

work done

2016 වසරේ දෙසැම්බර් මස 20 දිනට යෙදී තිඛෙන සම්මේලනයට වසර 97 ක් සපිරීමේ සංවත්සරය සනිටුහන් කරමින් එම කාලය තුළ සම්මේලනය ස්ථාවරව ඉදිරියට ගෙන ඒම සඳහා ඇප කැප වූ ආදි කර්තෘන්ටත්, නිලධාරින්ටත් එමෙන්ම රටේ ආරක්ෂාව ස්ථාවරව රැක ගැනීම සඳහා දිවි පිදු වීරෝදාර හමුදා රණවිරුවන්ටත් විශේෂයෙන් 2004 දෙසැම්බර් මස 26 දින සුනාමි ව්‍යවසනයෙන් අකාලයේ ජීවිත අහිමි වූ සියලූ දෙනාමත් සිහිපත් කොට පිං අනුමෝදන් කිරීම සිදු කරන ලදී. එමෙන්ම සම්මේලනයට උපදෙස් අනුශාසනා ලබා දෙන පැවිදි ගිහි උපදේශක මණ්ඩලය ඇතුළු නිලධාරි මණ්ඩලයටත්, සාමාජික භවතුන්ටත්, කාර්ය මණ්ඩලයටත් සෙත් පතා පුණ්‍යානුමෝදනා කිරීම සිදු විය. පිංකම සඳහා විශාල පිරිසක් සහභාගී වූ අතර, පිරිත් සජ්ඣායනාව බම්බලපිටිය ශ්‍රී වජිරාරාමයේ විහාරාධිපති සහ අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත නිකායේ මහානායක ශ්‍රී ධර්මරක්ෂිතවංශාලංකාර රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද මහානායක ස්වාමින්වහන්සේගේ අනුශාසකත්වයෙන් සිදු කරන ලදී. මෙදින අනුශාසනාව සඳහා ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අමරපුර පාර්ශවයේ මහානායක ධර්මපාල වංශාලංකාර සද්ධර්මකීර්ති ශ්‍රී ත්‍රිපිටක විශාරද අග්ගමහා පණ්ඩිත අතිපුජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානායක හිමිපාණන්වහන්සේ විසින් සිදු කරන ලදී. පසු දින හීල් දානමය පිංකම ද ඉතා උසස් අන්දමින් සිදු කළ අතර, ඒ සඳහා පැවිදි උපදේශක මණ්ඩලයේ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේලාද සහභාගී කර ගැනීම සිදු විය.

සම්මේලනයේ ගරු සභාපති ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර මහතාගේ මූලිකත්වයෙන් හිටපු ගරු සභාපති ජගත් සුමතිපාල මැතිතුමා ඇතුළු ගරු කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජික භවතුන් ඇතුළු සියලූදෙනාම පිංකම සඳහා සහභාගී වී සිටි අතර, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ ජාතික මණ්ඩලයේ ගරු සභාපතිනිය ඇතුළු නිලධාරි මණ්ඩලයේ සංවිධායකත්වයෙන් පිංකමේ කටයුතු ඉතාමත් සාර්ථකව සිදු කළ අතර, අටපිරිකර, මූල්‍යමය හා ද්‍රව්‍යමය ආධාර පෞද්ගලිකව ලබා දුන් ගරු කෘත්‍යාධිකාරි මණ්ඩලයේ, විධායක මණ්ඩලයේ, කාර්ය සාධක මණ්ඩලයේ, නිවාස පාලක සභා නිලධාරින්ට සහ කාර්ය මණ්ඩල සාමාජිකයන්ටත්, ගරු සභාපතිතුමා විසින් ස්තුති ප්‍රණාමය පුද කර සිටින ලදී.

Comments are closed.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ©2017. සියළුම හිමිකම් ඇවිරිණි

සුමති ග්ලෝබල් කොන්සොලිඩේටඩ් (පුද්) සමාගම මගින් නිර්මාණය කරන ලදි