පොසොන් සමයේ සත්ව හිමිකම් ප්‍රතිඥාවකට අනුරපුරයේදී සැදැහැවතුන්ගේ අත්සන්

News

ශ්‍රී ලාංකීය ජන සමාජය තුළ සත්ව හිමිකම් සහ සුභසාධනය පිළිබද ආකල්ප ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් සත්ව සුභසාධන ප්‍රතිඥාවක් සඳහා මෙම පොසොන් සමයේ අනුරාධපුරයට පැමිණුනු බොදු සැදැහැවතුන් විශාල පිරිසකගෙන් අත්සන් ලබාගැනීමේ වැඩසටහනක් ජූනි මස 26,27,28 යන දිනවලදී අනුරාධපුර රුවන්වැලී මහා සෑ පිවිසුම් දොරටුව අභියසදී සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් සිදු කරන ලදී.

එහි සමාරම්භක උත්සවය ජූනි මස 26 වෙනි අඟහරුවාදා පෙරවරු 10 ට රුවන්වැලී මහා සෑ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සහ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ගරු සභාපති ජගත් සුමතිපාල මහතා ඇතුළු බෞද්ධ සංගම් සහ සත්ව අවිහිංසාවාදී සංවිධාන නායකයන්ගේ සහ නියෝජිතවරුන්ගේ සහභාගීත්වයෙන් පවත්වන්නට යෙදුනි.

යමුනා මාලිනි පෙරේරා රචනා කරනු ලදුව සංගීත් නිපුන් තිසුන් කෝවිද වෛද්‍යරත්න තනුව යොදා ගායනා කරන ලද අහිංසාවේ ගීතය එළිදැක්වීම සහ මාධ්‍යවේදී තිලක් සේනාසිංහ විසින් ලියන ලද "ඇස්වහ කටවහ - සමාජ මනෝ විද්‍යා විමර්ෂණයක්" කෘතිය හේමරතන නාහිමියන් වෙත පිළිගැන්වීමද මෙහිදී සිදු කෙරිනි.

මෙම ප්‍රතිඥාව සඳහා අත්සන් තැබූ සෑම අයකු වෙතම සහතික පත්‍රයක්, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් ප්‍රදානය කරන ලදී.

Comments are closed.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ©2018. සියළුම හිමිකම් ඇවිරිණි

සුමති ග්ලෝබල් කොන්සොලිඩේටඩ් (පුද්) සමාගම මගින් නිර්මාණය කරන ලදි