සත්ව හිමිකම් සහ අයිතිවාසිකම් – සමාරම්භක වැඩසටහන, අනුරාධපුරය.

latest work

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය මෙවර පොසොන් පොහොය මුල්කරගෙන සත්ව අවිහිංසාව පිළිබද වැඩසටහන් රාශියක් දිවයින පුරා සිදුකිරීමට කටයුතු සූදානම් කරමින් පවතී.

මේ සම්බන්ධව සත්ව හිමිකම් සහ අයිතිවාසිකම් ක්‍රියාන්විතයේ සමාරම්භක වැඩසටහන පසුගිය මැයි මස 27වන දින සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ගරු ජගත් සුමතිපාල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර රුවන්වැලී මහසෑ ධර්ම ශාලාවේදී පැවැත්විය.

මෙම අවස්ථාවට රුවන්වැලී මහසෑ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමීන් වහන්සේ, මිරිසවැටි විහාරාධිපති පූජ්‍ය ඊතල වැටුණු වැවේ ඥාණතිලක ස්වාමීන් වහන්සේ, ශ්‍රී ලංකා ගමනා ගමන මංඩලයේ සභාපති රමල් සිරිවර්ධන මහතා, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ උප සභාපති උපුල් රූපසිංහ මහතා, බෞද්ධ සම්මේලනයේ සත්ව අවිහිංසා ක්‍රියාකාරී සංසදයේ අනුශාසක තිලක් සේනසිංහ මහතා, අනුරාධපුර සුනඛ මිතුරු සංසදයේ නිළධාරී මණ්ඩලයේ සභාපතිනී වෛද්‍ය පත්මා බණ්ඩාර මහත්මිය සහ නිළධාරී මණ්ඩලය, ගල්ගමුව සොබාදහම් කැපකරුවෝ සංවිධානයේ සභාපති ක්‍රිශාන්ත ප්‍රසාද් නන්දසේන සහ නිළධාරීන්, විශේෂඥ වෛද්‍යවරුන් සහ විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.

One Comment

  1. Sujeewa Dharmadasa May 31, 2018 1:49 pm

    When will you arrange a one in colombo

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ©2018. සියළුම හිමිකම් ඇවිරිණි