රජ්ගම ජ්‍යේෂ්ඨ පුරවැසි නිවාසය නවීකරණය කිරීම.

latest work

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් පාලනය කරන්නා වූ රජ්ගම විජේරත්න කාන්තා ජ්‍යේෂ්ඨ පුරවැසි නිවාසය නවීකරණය කොට විවෘත කිරීමේ උත්සවය පසුගිය 21/01/2018 දා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මැතිඳුන්ගේ සුරතින් සිදුවිය. මෙම අවස්ථාවට සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ නියෝජ්‍ය සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ට මහතා, සම්මේලනයේ ජාතික සමාජ සේවා මණ්ඩලයේ සභාපති වසන්ත ද සිල්වා මහතා ඇතුළු නිලධාරි මණ්ඩලය, ජ්‍යේෂ්ඨ පුරවැසි නිවාසයේ පාලක මණ්ඩලය හා එම ප්‍රදේශයේ ප්‍රභූවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

Comments are closed.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ©2018. සියළුම හිමිකම් ඇවිරිණි

සුමති ග්ලෝබල් කොන්සොලිඩේටඩ් (පුද්) සමාගම මගින් නිර්මාණය කරන ලදි