රඡ්ගම ජ්‍යේෂ්ඨ පුරවැසි නිවාසය නවීකරණය වේ.

latest work

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් පාලනය කරන්නා වූ රඡ්ගම විඡේරත්න පිරිමි ජ්‍යේෂ්ඨ පුරවැසි නිවාසය නවීකරණය කොට විවෘත කිරීමේ උත්සවය පසුගිය දා බෞද්ධ සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මැතිඳුන්ගේ සුරතින් සිදුවිය. මෙම අවස්ථාවට සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ජාතික සමාජසේවා මණ්ඩලයේ සභාපති වසන්ත සිල්වා මහතා ඇතුළු නිලධාරි මණ්ඩලය ජ්‍යේෂ්ඨ පුරවැසි නිවාසයේ පාලක මණ්ඩලයේ සභාපති ලසන්ත විඡේරත්න මහතා ද ලේකම් බි. නිමල් මහතා ඇතුළු පාලක මණ්ඩලය ද එම ප්‍රදේශයේ ප්‍රභූවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.

Comments are closed.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ©2018. සියළුම හිමිකම් ඇවිරිණි

සුමති ග්ලෝබල් කොන්සොලිඩේටඩ් (පුද්) සමාගම මගින් නිර්මාණය කරන ලදි