ජයග්‍රහණය – කොළඹ විසිහතර වන වාර්ෂික මහාසභාව

News

ජයග්‍රහණය කොළඹ සංවිධානයේ 24 වන වාර්ෂික මහා සභාව පසුගිය අප්‍රේල් 08 වනදා වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ පවත්වන ලදී. එහි ප්‍රධාන ආරාධිතයා වූයේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති, ලෝක බෞද්ධ සම්මේලනයේ උප සභාපති මෙන්ම නාගානන්ද බෞද්ධ විශ්ව විද්‍යාලයේ අධ්‍යක්ෂ ජගත් සුමතිපාල මහතාය. මෙහි මුලසුන හොබවන ලද්දේ වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය මහරගම මහින්ද නාහිමියන්ය.

මෙම වාර්ෂික මහා සභාවට සමගාමීම යුද්ධයෙන් මාපියන් අහිමි වූ රණවිරු පවුල් වල දුවා දරුවන් වෙත ශිෂ්‍යත්ව ප්‍රදානත්වයක්ද සිදු කරන ලදී. මෙම අවස්ථාවට සමන්තා සුමතිපාල මහත්මිය, අනෝමා ෆොන්සේකා මහත්මිය, ජයග්‍රහණය - කොළඹ සභාපතිනි වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය, ලේකමි අනුලා ජයසිංහ මහත්මිය, පිලීසියා වීරවර්ධන මහත්මිය, භාණ්ඩාගාරික වසන්ති අමරසිංහ මහත්මිය ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

Comments are closed.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ©2018. සියළුම හිමිකම් ඇවිරිණි