ඓතිහාසික පාතකඩ බණ්ඩාර දේවාරාම මහා විහාරයේ ඇසල මහා පෙරහැර මංගල්‍යය – 2018

News

කළුතර දිස්ත්‍රික්කයේ ඓතිහාසික පාතකඩ බණ්ඩාර දේවාරාම මහා විහාරයේ ඇසල මහ පෙරහැර 2018.08.31 දින රාත්‍රියේ ප්‍රථම වතාවට වීදි සංචාරය කෙරිණි. මෙහි ඇතුපිට සධාතුක කරඬුව තැන්පත් කිරීම සඳහා පාතකඩ තරුණ බෞද්ධ සංගමයේ ආරධනයෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූයේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති, ලෝක බෞද්ධ සම්මේලනයේ උප සභාපති ජගත් සුමතිපාල මහතායි. මෙම අවස්ථාවට බණ්ඩාර දේවාරාම මහා විහාරයේ විහාරාධිකාරී හබරාදුවේ ආනන්ද රතන හිමි, බෞද්ධ මහා සම්මේලනයේ සම ලේකම් රංජිත් ඒකනායක මහතා, පාතකඩ තරුණ බෞද්ධ සංගමයේ සභාපති එස්. නිමල් සිරි පෙරේරා මහතා, ලේකම් කුමාර හතුරුසිංහ මහතා, භාණ්ඩාගාරික හර්ෂ හතුරුසිංහ මහතා ඇතුපිට සධාතුක කරඬුව තැන්පත් කිරීම සඳහා සහභාගි විය. මෙම ඓතිහාසික පෙරහැර දැක බලාගැනීමට ප්‍රදේශවාසීන් විශාල පිරිසක් ද සහභාගි වී සිටියහ.

Comments are closed.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ©2018. සියළුම හිමිකම් ඇවිරිණි