බෞද්ධ හිමිකම් කොමිෂන් සභාව ස්ථාපිත කිරීම

News

තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වසර 237 කට පසුව (දැනට වසර 2325 කට පෙර) අපගේ පුණ්‍ය භූමියට වැඩම කළ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ නායකත්වය හා මගපෙන්වීම යටතේ මෙම ලක් දෙරණේ ස්ථාපිත වූ බෞද්ධ ශිෂ්ඨාචාරය, විවිධ ක්ෂේත්‍රයන්හි එනම් බෞද්ධ රාජ්‍ය පාලනය, අධ්‍යාපනය, ආර්ථීකය, වෙදකම හා සෞඛ්‍යය, නීතියේ පාලනය, සංස්කෘතිය, භාෂාව හා සාහිත්‍ය , චින්තනය හා සහජීවනය යනාදියේදී ශ්‍රී ලංකාවටත් එහි ජනතාවටත් අනන්‍ය වූ ආකාරයෙන් බෞද්ධ දර්ශනය හා මූලධර්ම මත පදනම්ව අද දක්වා පෝෂණය වී පැවතගෙන එන බව අවිවාදයෙන් පිළිගැනේ.

මෙලෙස වසර දෙදහස් තුන්සිය විසි පහකට වඩා පැරණි ක්‍රමිකව වර්ධනය වූ අපගේම බෞද්ධ ශිෂ්ඨාචාරයක් තුළ බෞද්ධයන් විසින් බුදු දහම හා මාතෘ භූමිය මුල්කොටගෙන පෙර සදහන් ක්ෂේත්‍රයන් ඔස්සේ විවිධ අයිතිවාසිකම් හා හිමිකම් අත්කරගෙන ඒවා පිළිබදව අද දක්වාම අඛණ්ඩ උරුමයක් ලැබුවද, ඉතිහාසය තුළ විටින් විට සිදුවූ විදේශීය ආක්‍රමනයන් හමුවේ මෙලෙස උරුමකරගත් බෞද්ධ හිමිකම් විටින් විට විකෘති වීම , අහෝසි වීම හා අහිමි වීම සිදුව ඇති හෙයින් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පිළිගත් ඒකීය ශ්‍රී ලංකාවක් තුළ බෞද්ධයාගේ හිමිකම් සුරක්ෂිතවූද සහජීවනය ස්ථාපිත වූද සාමකාමී සංවර්ධිත හා තෘප්තිමත් සමාජයක් ප්‍රතිස්ථාපනය කිරීම සදහා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ගරු සභාපති ජගත් සුමතිපාල මැතිතුමාගේ මගපෙන්වීම යටතේ බෞද්ධ හිමිකම් කොමිෂන් සභාවක් 2018 පොසොන් පොහෝ දින (27) ඓතිහාසික මිහින්තලා පුදබිමේ සන්නිපාත ශාලාවේදී මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුණුවැවේ ධම්මරතන නාහිමි ඇතුළු මහා සංඝරත්නය ඉදිරියේදී ස්ථාපිත කරන ලදී.

Post a Comment

Your email address will not be published. Required fields are marked *

*

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ©2018. සියළුම හිමිකම් ඇවිරිණි

සුමති ග්ලෝබල් කොන්සොලිඩේටඩ් (පුද්) සමාගම මගින් නිර්මාණය කරන ලදි