බෞද්ධ ව්‍යාපාර සමුළුව 2018 – ව්‍යාපාර සඳහා වූ බෞද්ධ නායකත්ව සමුළුව

News

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ අන්තර් ජාතික සබඳතා පිළිබඳ ජාතික කවුන්සිලය මගින් දෙවන වරට සංවිධානය කරනු ලබන ‘බෞද්ධ ව්‍යාපාර සමුළුව 2018’ ඔක්තෝබර් 16 වන දින බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ විස්මින් ශාලා පරිශ්‍රයේදී පැවැත්විය. 25 වෙනි වරට ශ්‍රි ලංකාවේ පවත්වනු ලැබු බෞද්ධ සම්මේලන සමුළුව පලමු වරට බෞද්ධ ව්‍යාපාරිකයින්ට තොරතුරු සහ අත්දැකිම් හුවමාරු කර ගැනීමට මෙන්ම බෞද්ධ සමාජයේ සමාජ ආර්ථික සංවර්ධනයක් ඇති කර ගැනිමටද හැකි විය. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් සිදු කරන ලද සමාජ සේවයට ලබන වසරේදී වසර 100ක් සම්පූර්ණ කිරීම සියළුම බෞද්ධ රට වල සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් සිහිපත් කරනු ඇත.

මෙම බෞද්ධ ව්‍යාපාර සංසදයේ මූලික අරමුණ වූයේ සමාජීය, සංස්කෘතික, ව්‍යාපාර, අධ්‍යාපන හා වෙනත් මානව සබඳතා කටයුතුවලදී බුදු දහමේ මග පෙන්වීම මෙන්ම සමාජ ආරක්ෂාව සහයෝගිත්වය හා සහෝදරත්වය බෞද්ධ සමාජය තුළ ඇති කිරීමය.

‘ව්‍යාපාර සඳහා බෞද්ධ ඉගැන්වීම්’ යටතේ සංවිධානය වූ මෙම වැඩමුළුවේදී සිඟාලෝවාද සූත්‍රය ඇසුරෙන් ව්‍යාපාර ගොඩනැගීම සම්බන්ධයෙන් මග පෙන්වීම ලබා දෙන ලදි. එමෙන්ම බෞද්ධ ආධ්‍යාත්මය හා ආචාරධර්ම පෝෂණය, නවෝත්පාදන, අන්තර් ජාතික සබඳතා, අධ්‍යාපනික සහ කුසලතා සංවර්ධනය සමාජ හා පාරිසරික වගකීම්, ව්‍යාපාර සාර්ථකත්වය හා එහි තිරසාර බව බෞද්ධ ඉගැන්වීමෙන් පහදනු ලැබීය

කීර්තිමත් බෞද්ධ භික්ෂූන්, අධ්‍යාපන විශේෂඥයින්, වෘත්තීය ව්‍යාපාර නායකයින් මේ සඳහා සහභාගි වූහ.

16 වැනිදා උදෑසන 9ට සමාරම්භක දේශනය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති ගලබොඩ ඥානීස්සර මාහිමියන් විසින් සිදු කරනු ලැබූ අතර ප්‍රධාන ආරාධිතයා ලෙස කථානායක කරු ජයසූරිය මහතා සහභාගි විය

බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මැදගම්පිටිය විජිතදම්ම ස්වාමීන් වහන්සේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතා අන්තර් ජාතික සබඳතා පිළිබඳ ජාතික කවුන්සිලයේ සභාපති මහාචාර්ය ලක්ෂ්මන් ආර්. වටවල සුමති ධර්මවර්ධන මහත්වරුන්ද සභාව අමතනු ලැබීය

සමාරම්භක උ‍ළෙලින් පසු සැසි තුනක් පැවැත්වීය

දෙවන සැසිය - තිරසාර නව ව්‍යාපාර සඳහා පදනම සහ බෞද්ධ ඉගැන්වීම් හා ආචාරධර්ම යටතේ දේශන පැවැත්විය. මෙහිදී දීපාල් සූරියආරච්චි හා දුලිත් හේරත් යන මහත්වරුන් ද සරත් ජයමාන්න, අනුරාධ ජයම්පති, අනුර හේමචන්ද්‍ර යන මහත්වරුද සභාව හොබවනු ලැබීය

තුන්වැනි සැසිය - ‘බෞද්ධ වටිනාකම් මත ව්‍යාපාර සංවර්ධනය සඳහා මූලික ආකල්ප ගොඩනැගිම’ යටතේ ආචාර්ය හර්ෂ අල්විස්, හා ආචාර්ය වින්ද්‍යා ආරියරත්න සභාව ඇමතූ අතර මීට අමතරව මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න, ආචාර්ය රංජිත් බණ්ඩාර හා තුෂිල් ගුණසේකර යන මහත්වරුද සහභාගි වූහ.

සිව්වන සැසිය - ‘බෞද්ධ ඉගැන්වීම් හා ව්‍යාපාර සංවර්ධනය’ පිළිබඳ කතාබහ ප්‍රශාන්ත ලාල්ද අල්විස් මහතා, අරවින්ද පෙරේරා, කුලතුංග රාජපක්ෂ, මහේන්ද්‍ර ජයසේකර, රම්‍යා වීරකෝන් යන මහත්ම මහත්මීන් සිදු කළහ.

« 1 of 3 »

Comments are closed.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ©2018. සියළුම හිමිකම් ඇවිරිණි