කළුතර ශ්‍රී මුණසිංහ බෝධිරාජ විහාරස්ථාන බිනර මහා පෙරහැර

News

කළුතර හේනවත්ත ශ්‍රී මුණසිංහ බෝධිරාජ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍යපාද මාගල කන්දේ සුදත්ත හිමි තුන්වන වරටත් සංවිධානය කළ ශ්‍රී මුණසිංහ බෝධිරාජ විහාරස්ථාන බිනර මහා පෙරහැර 15.09.2018 දින හේනවත්ත විහාරස්ථානයේ සිට ඓතිහාසික කළුතර නගරය දක්වා වීදී සංචාරය කෙරුණි.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් සහභාගිවූයේ දේශීය වෛද්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සහ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති සහ ලෝක බෞද්ධ සම්මේලනයේ උප සභාපති ජගත් සුමතිපාල මහතා ඇතුළු සම්භාවනීය ආරාධිතයින්ය.

මෙම පෙරහැර සංස්කෘතික උරුමයන් විදහා දැක්වීමට විශාල අලි ඇතුන් ප්‍රමාණයකින් ද උඩ රට පහත රට හා සබරගමු නැටුම් සඳහා ශිල්පීන් 2000ට අධික ප්‍රමාණයක් ද සහභාගි වී සිටි අතර පෙරහැර නැරඹීමට දෙස් විදෙස් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

Comments are closed.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ©2018. සියළුම හිමිකම් ඇවිරිණි