බොදු මහා සමුළුවේ 99 වන සංවත්සරය සාර්ථකව ඇතුගල් පුරයේ දී නිමා විය.

News

1919 වර්ෂයේ ශ්‍රීමත් ඩි.බී ජයතිලක මැතිදුන්ගේ සභාපතීත්වයෙන් ආරම්භ කරන ලද සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ 99 වන සංවත්සරය කුරුණෑගල වයඹ පළාත් සභා ශ්‍රවණාගාරයේ දී සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ගරු සභාපති ජගත් සුමතිපාල මහතාගේ ආරාධනයෙන් අස්ගිරි පාර්ශවයේ අනු නායක බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය ආණමඩුවේ ධම්දස්ස්‍යාභිධාන අනුනායක ස්වාමින් වහන්සේගේ මුලාසනාරූඨත්වයෙන් 2018 දෙසැම්බර් 29 වන දින පෙරවරුවේ දී සාර්ථකව පැවත් විය.

මෙම උත්සව අවස්ථාවට සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ගරු සභාපති ජගත් සුමතිපාල මහතා, හිටපු අමාත්‍ය අතාවුද සෙනවිරත්න මහතා, විශ්‍රාමික රියාද් අද්මිරාල් සරත් වීරසේකර මහතා, ආරාධිත ප්‍රභූවරුන් සම්මේලනයේ නිලධාරි මණ්ඩලය මෙන් ම සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

Post a Comment

Your email address will not be published. Required fields are marked *

*

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ©2018. සියළුම හිමිකම් ඇවිරිණි